(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ලේ රිච්මන්ඩ් කන්දේ වෙළඳසැලකට අද රාත්‍රී යතුරු පැදියකින් පැමිණ සිගරට් ගන්නා මුවාවෙන් ඇතුළු වූ තිදෙනෙකු ගල්කටස් වර්ගයේ අවියක් පෙන්වා වෙළඳසැල හිමි කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය පැහැරගෙන යාමට සූදානම් වී තිබේ.
මේ අවස්ථාවේදී කාන්තාවගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණ සැකකරු සමඟ ගල් කටස් වර්ගයේ අවිය සහ පැහැරගත් මාලය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන පොලිසියට බාරදුන් පසු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
සෙසු සැකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් තිබේ.
වෙළඳසැල් හිමිකාරියගේ පුතුන් දෙදෙනා පහරදීම හේතුවෙන් 58 හැවිරිදි සැකකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවද පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රන්මාලයක් පැහැරගැනීමට ගිය අයෙක් පොලිස් දැලේ