(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් රවටා රුපියල් පන් කෝටියකට අධික මුදලක් වංචා කරන ලද පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු පියෙකි.
මෙයට මාස කිහිපයකට පෙර සැකකරුගේ ළමයෙකු අසනීප වී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරියට පවසා ඇත්තේ තමා මෝටර් රථ ගෙන්වා අලෙවි කරන අයකු බවයි.
ඒ අනුව දැන හැඳිනගැනීමෙන් පසු නවීන පන්නයේ බෙන්ස් මෝටර් රථයක් අඩු මුදලට ගෙන්වා දිය හැකි බව පැවසීම නිසා විශේෂඥ වෛද්‍යවරිය එක්වරම ඔහුගේ ගිණුමට රුපියල් 450,000 ක් බැර කර තිබේ.
ඉන්පසු සැකකරු ක්‍රමක්‍රමයෙන් වෛද්‍යවරිය මග හරින්නට පටන්ගෙන ඇති අතර වැඩිදුරටත් සොයා බැලීමේදි දැන ගන්නට ලැබී ඇත්තේ පදිංචිය ද වෙනස්කර ඇති බවයි. ඉන්පසු කිසිම තොරතුරක් නොවු නිසා වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කර ඇත.
සැකකරු මහියංගනය, තංගල්ල ආදී ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණන් වංචා කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රජයේ ඉහළ නිලධාරීන් රවටා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට