(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි නැගෙනහිර මනල්කාඩු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් වලින් ගස් කැපූ 13 දෙනෙකු වාහන 3 ක් ද සමඟ අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ මනල්කාඩුහි පිහිටි රක්ෂිත භූමියේ අනවසරයෙන් ගස් කපන බවට පේදුරුතුඩුව පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එලඹෙන උත්සව සමයේ සැමරුම් සඳහා යොදා ගන්නා ෆනස් වර්ගයේ ගස් කපා විකිනීමට මෙම සැකකරුවන් විසින් සැලසුම් කොට තිබූ බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති අතර සැකකරුවන් පැමිණි බට්ටා වර්ගයේ කුඩා ලොරි රථ 3 ක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි සහ නල්ලූර් ප්‍රදදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පෙදුරුතුඩුව පොලීසිය විසින් පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.