IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


යුද හමුදාවේ 160 කට බුද්ධගයා වන්දනා චාරිකාවක්

 
ශ්‍රී  ලංකා යුද හමුදා සාමාජිකයින් 160 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ බුද්ධගයා වන්දනා චාරිකාවක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කර තිබේ.

 
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පැවති සාකච්ඡාවලින් පසු, දෙරටෙහි  සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, මෙම බුද්ධගයා චාරිකාව පසුගිය වසරේ දී ආරම්භ කෙරිණි.

 
මෙම‍ චාරිකාව දින හතරක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් පූජනීය මහාබෝධි විහාරය, අඩි 80ක් දිග බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගනු ඇති අතර රාජ්ගිර් හා නාලන්දා කෞතුකාගාරය නැරඹීමටද එක්වනු ඇත.  

 
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාපතිගේ විශේෂ ඉල්ලීමකට අනුව ඉන්දියානු හමුදා කණ්ඩායමක්  ද ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති අතර  ඔවුන් දිවයිනේ වැදගත් ස්ථානවල සංචාරය කිරිමට නියමිතය. ඔවුන් මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීම හා ගාල්ලේ සංචාරය කරනු ඇත. 

 
මෙතරම් විශාල ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ සංචාර වෙනුවෙන්  ඉන්දීය  ගුවන් හමුදාවේ සී-17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා ලබා දී තිබේ. 

 
සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන වෙත සිදුකෙරෙන සංචාරවලට අමතරව හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ද ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. 
 

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය හමුදා සාමාජිකයින් පිළිගැනීමට හා ඉන්දියාව බලා පිටත්වෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට සමුදීමට කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 



අදහස් (0)

යුද හමුදාවේ 160 කට බුද්ධගයා වන්දනා චාරිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32328 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14843 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site