IMG-LOGO

යතුරු පැදියක් වන අලියෙකුගේ ගැටී දැරියක් මියයයි

(සමන් පාලිත නානායක්කාර)

මහඔය අරලගංවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක වන අලියෙකු ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් අද (18) ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහඔය පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ  අංක 12 බණ්ඩාරදූව හොරගොල්ල ගොනාගොල්ල  උහන පදිංචිව සිටි නෙතු ජී නිහංසා නැමති හත් හැවිරිදි දැරියක් බව පොලිසිය පැවසීය.

එකම පවුලේ මව පියා හා දරුවන් දෙදෙනා යතුරුපැදියේ ගමන් ගෙන ඇති අතර යතුරු පැදිය අරලගංවිල  මාර්ගයේ මාදුරු ඔය ජලාශයට හැරෙන හන්දිය අසලදී මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ඇඟේ හැපී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කීය.

මෙම අනතුරින් බරපතළ තුවාල  ලබා සිටී දැරිය මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇති බවත්  අනතුරින් පියා ද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

 

 

 



අදහස් (5)

යතුරු පැදියක් වන අලියෙකුගේ ගැටී දැරියක් මියයයි

Bandara Monday, 18 November 2019 05:12 PM

බලාගෙන අලි මේ දවස් වල සීසීකඩ දුවනවා, හැප්පෙයි

:       60       5

purawasiTuesday, 19 November 2019 03:42 AM

හිසේ සිට දෙපතුලටම දේශපාලන අශූචි පුරවාගත් තවත් එක් වහලෙකුට කදිම උදාහරණයක්..අප්‍රසන්නයි.

:       1       18

kapi Tuesday, 19 November 2019 03:23 AM

අලියට මොකද උනේ කියලා ලියලා නැත්තේ කවුරුත් දන්නා නිසා වෙන්න ඇති.

:       30       0

jayath Tuesday, 19 November 2019 04:14 AM

මෙතන විකාර දොඩවන්නේ නැතුව මේ අලි මිනිස් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන අම්පාර නගරය කියන්නේ රෑ 8 න් පස්සේ අලි නගරය හරහා යන තැනක් මේ ගොනාගොල්ල අලි මන්කඩක් . රෑට එක දවසක් හරි අඩු ගන්නේ බස් එකකවත් මේ හරියේ ගිහින් තියනවනම් මේගැන දන්නවා. මේ අම්පාරේ අලි ප්‍රශ්නේ ට දිග අතීතයක් තියනවා 70 ගණන් වල හා ඩි එකේ ළමයෙක් මරුන අලියෙක් ගහල එදත් එහෙමයි අදත් මේ පැත්තේ ඉන්න අන්ත අසරණ , අහිංසක දරුවෝ , මිනිස්සු මැරෙනවා අලි හින්ද මේවා කාට කියන්න ද මන්ද අලුත් ජනපති තුමනි මේ අලි මිනිස් ගැටුමට විද්‍යානුකූල විසඳුමක් දෙන්න ඔබතුමාට එක මහඟු පිනක්.

:       0       1

RR Tuesday, 19 November 2019 04:22 AM

පව් අහිංසක දරුවාට නිවන් සැප ලැබේවා.!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 439 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1939 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site