(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
බංගදෙණිය පල්ලම මාර්ගයේ කුමාරකට්ටුව එළිවිටය හංදිය අසල දී යතුරුපැදියක් පාර මැද පෙරැළි යාමෙන් එහි ආ කාන්තාවක අද (21) මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙස් මිය ගොස් ඇත්තේ කුමාරකට්ටුව එළිවිටියේ විසු අන්තෝනිගේ නෙළුමි ප‍්‍රියංකා(40) නමැති තැනැත්තියකි.
මිය ගිය තැනැත්තියගේ පුරුෂයා වන එළිවිටියේ පදිංචි සිසිර ප‍්‍රසන්න කරුණානායක මහතා විසින් හලාවත පොලිසියට කර ඇති ප‍්‍රකාශය අනුව තම බිරිඳ සමග අද පෙරවරු 9 ට පමණ තමා පොළට යාම පිණිස යතුරුපැදියෙන් නිවසින් පිටව කුමාරකට්ටුව දෙස සිට පල්ලම දෙසට ගමන් කරන අවස්ථාවේ දි ඉදිරියෙන් පැමිණි වාහන පේළිය දැක බියට පත්වු බවත් මෙහිදි තමාට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළි පාර මැද වැටුණු බවත් එහිදි බිරිඳ සිහි විසඥව වැටුණු නිසා තමා ඇය වහාම රෝහලට ගෙන ආ බවත් සඳහන්ය.
ඇය රෝහලට ඇතුළත් කිරිමට පෙර මිය ගොස් ඇති අතර මිය ගිය කාන්තාවගේ දේහයේ කිසිදු තුවාලයක් නොතිබු බවත් වෛද්‍යවරුන් පොලිසියට වාර්තා කර ඇත.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදිය පෙරැළී ඇද වැටුණු කත මරුට