(ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය අද පැවති (22) ප්‍රාදේශිය සභා රැස්විමේ දි වැඩි ඡන්ද අටකින් සම්මත විය.
අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 05ක් ලැබුණි.
අයවැය යෝජනාවට පක්ෂව සභාපති යු.ජි.පියදාස මහතා සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හා එ.ජ.නි. සන්ධානයේ මන්ත්‍රිවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ.
අයවැය යෝජනාවට විරුද්ධව විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතා සමග එජාප මන්ත්‍රිවරු පස් දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.ඒ අනුව අයවැය යෝජනාව වැඩි ඡන්ද අටකින් සභා සම්මත විය.
අද (22) පැවති ප්‍රාදේශිය සභා රැස්විම සදහා ජ.වි.පේ මන්ත්‍රිවරු දෙදෙනා පැමිණ නොසිටියහ. යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති යු.ජි.පියදාස මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබිය.
ප්‍රාදේශිය සභා රැස්විම යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දි සභාපති යු.ජි.පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යක්කලමුල්ල අය වැයත් සම්මතයි