(රොහාන් කුමාර දිසානායක)
අලව්ව මා ඔයේ තිබී හමු වූ නාදුනන තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු වලින් එක් අයෙකුගේ දේහය අද (04) කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ දී ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.
හඳුනාගෙන ඇති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා වරකාපොල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් උපාලි රණසිංහ මහතාගේ නියෝග මත කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් විවෘත තීන්දුවක් ලබා දුන් අතර පසුව ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
ඥාතීන් විසින් හඳුනාගත් තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි භාතිය ද සිල්වා නැමති 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
අලව්ව මහ පාලම ආසන්නයේ මා ඔයේ නාදුනන මළසිරුරු දෙකක් තිබෙන බවට වරකාපොළ පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ 03 සවස මෘත දේහයන් මා ඔයෙන් ගොඩගෙන තිබේ.
මියගොස් සිටි අනෙක් තරුණයාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මේ වෙනවිට හඳුනානොගත් තරුණයාගේ දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර දේහය හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මා ඔයේ තිබී හමු වූ සිරුරු දෙකෙන් එක් සිරුරක් හඳුනාගනී