
( සිතුම් චතුරංග)
මුලතිව්,සෙම්මලෙයි මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදහන්වු එකම පවුලේ සහෝදරයින් තිදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගැනීමට හැකිව ඇති බව මුලතිව් කෝකිලායි පොලිසිය පවසයි.
ඊයේ (10) මුලතිව්, ආලම්පිල් ප්‍රදේශයේ සිට පැමිණි තරුණයින් කණ්ඩායමක් විනෝද වෙමින් සෙම්මලෙයි මුහුදේ දිය නාමින් සිටියදී එක් අයකු දියේ ගිලී ඇති බවත් පසුව සිය සොහොයුරාගේ දිවි බේරාගැනීමට පැමිණි සෙසු සහෝදරයින් දෙදෙනාද මුහුදේ අතුරුදහන්ව ඇතැයිද පොලිසිය පැවසීය.
මුහුදේ දිය වැළකට හසුව සොහොයුරන් තිදෙනා එලෙස අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසීය.
එලෙස මුහුදේ අතුරුදහන්ව සිරුර හමුවී ඇත්තේ මුලතිව් ආලම්පිල් හි පදිංචි පද්මනාදන් විලින්දිරන් 22 හැවිරිදි තරුණයකුගෙ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd