
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් මීරිගම නගරයේ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වීම හේතුවෙන් මිරිගම පොලිසිය හදිසි රථ වාහන පරීක්ෂාවක් සිදු කළ අතර සාධාරණ හේතුවක් නොමැතිව නගරයට පැමිණි වාහන රියදුරන්ට දැඩි ලෙස අවවාද කිරීමට පොලිසිය පියවර ගත්තේය.
පැයක පමණ කාලයක් මෙම හදිසි රථ වාහන පරීක්ෂාව සිදු කරනු ලැබූ අතර මෝටර් රථ යතුරු පැදි ලොරි ආදී වාහන සියයක් පමන කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නගරයට පැමිණ ඇති බව හෙළි විය.
මෙම රථ වාහන පරීක්ෂාව නිසා ගිරිඋල්ල පස්යාල මාර්ගය දෙපසම දැඩි ලෙස වාහන පෝලිම් දක්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd