
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් සහ සෙසු අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරින් 6,000ක් සදහා එන්නත්කරණ වැඩසටහන අද (09) මාතලේ දිස්ත්‍රික්කය පුරා මධ්‍යස්ථාන කිහිපයකදි සිදු කෙරිණි.
ඒ අනුව දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ නිලධාරින් 502ක්ද මාතලේ මහ නගර සභාවේ නිලධාරින් 718ක්ද මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ නිලධාරින් 752ක්ද යටවත්තේ නිලධාරින් 400ක්ද පල්ලේපොල නිලධාරින් 388ක්ද ගලේවෙල නිලධාරින් 516ක්ද නාවුල නිලධාරින් 435ක්ද ලග්ගල නිලධාරින් 306ක්ද විල්ගමුව නිලධාරින් 340ක්ද රත්තොට නිලධාරින් 405ක්ද අඹන්ගඟකෝරලේ නිලධාරින් 208ක්ද උකුවෙල නිලධාරින් 472 කට දපළමු අදියර යටතේ එන්නත්කරණය සිදු කෙරිණි.
ශ්‍රි ලංකා පොලිසිය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන නියෝජිතයන්, පළාත් පාලන ආයතන සෞඛ්‍ය කම්කරුවන්, ටෙලිකොම් ආයතන සේවකයන්ලසමුපකාර සේවකයන්ලලංකා විදුලි බල මණ්ඩලයලජල සම්පාදන මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුව යනාදිය ඇතුලත් වේ.
එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ මාතලේ මාධ්‍යවේදීන් 47 දෙනෙකුට ද එන්නත්කරණය සිදු කිරිම මාතලේ විජය විදුහලේ දි සිදු කෙරුණි.
මෙම කටයුතු නිරික්ෂණය කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් , මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක, මාතලේ මහ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්, දඹූල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල හේන්දෙණිය, මාතලේ උප නගරාධිපති අමිල නිරෝෂන, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාතලේ කොවිඩ් මර්දන කමිටුවේ සම්බන්ධිකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ, පලාත් සෞඛ්‍ය ලේකම් ආර්ගඑමි ජයවික්‍රම යන මහත්වරුන් විසින් සිදු කළ අතර මාතලේ දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද විරකොන්, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය ප්‍රභාත් රණසිංහ යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පොලිසිය හා හමුදා නිලධාරින් ඇතුලු පිරිස් මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට සහය දක්වති.





2025 දෙසැම්බර් මස 18
651
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ එන්නත්කරණ වැඩසටහන අරඹයි