(මාතලේ මහේෂ් කිර්තිරත්න)
මාතලේ ඒ අවට නගරවලට කුඩු බෙදා හැරි “කුඩු චුටි”නැමැති අන්වර්ථනාමයෙන් හදුන්වන අයෙකු මෝටර් රථයේ බුදු පිළිමයේ ඉදිරිපස අයිස් සහ හෙරෝයින් රැගෙන යමින් සිටියදි මාතලේ ඇල්වල ප්‍රදේශයයේදි අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන විමර්ශන ඒකකය කියයි.
මෙම සැකකරු මාතලේ නාගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර සැකකරු අත්අඩංගුවට පත්ව අවස්ථාවේදි සුඛෝපභෝගි කාර් රථයේ තිබි අයිස් මිලිගැම් 5720ක් සහ හරෝයින් මිලිගැම් 2235ක්ද සොයා ගත් බවද පොලිසිය කියයි.
සැකකරු විසින් මාතලේ හා ඒ අවට නගරවලට සුක්ෂම ලෙස මත්කුඩු බෙදාහැරි අයෙකු බවද පොලිසිය කියයි.
සැකකරුමාතලේ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම නියමිත බවත් පසුව මාතලේ මහාධිකරණය හමුවේ නඩු පැවරිමට නියමිත බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd