
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කුඹුරු වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ.
විශේෂයෙන්ම පොහොර නොමැති වීම හේතුවෙන් තමන්ට ගොවිතැනෙන් ඉවත්ව යාමේ තත්වයක් උද්ගත වී තිබෙන බව ඔවුන් එහිදී අවධාරණය කර සිටියේය.
වී වගාව ආරම්භ කර පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුවක් සිදු වන නිසා පොහොර ලබා දීම පලමුව ආරම්භ කරන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd