(මනෝජ් හර්ෂික)
මහව සිට ඕමන්තේ දක්වා දැනට භාවිතා කරන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට නව දුම්රිය මාර්ගයක් සෑදීමේ ව්‍යාපෘතිය අද (18) නිල වශයෙන් ආරම්භ විය.
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි IRCON Intonational Limited සමාගම අතර අද (18) කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි.
දුම්රිය මාර්ගය සකස් කිරීමට වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 91.2ක් වන අතර ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම ප්‍රතිපාදන සැපයේ.
ව්‍යාපෘතියෙන් දුම්රිය මාර්ගයට අමතරව හරස් දුම්රිය ස්ථාන 12ක් සහ දුම්රිය නැවතුම් පොළවල් 7ක් කාණු පද්ධතිය ද සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබේ.
ඒ අනුව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක්ද හා මැදවච්චිය සහ වව්නියාව අතර මහනුවර යාපනය -මාර්ගයට ආසන්නව නව දුම්රිය ස්ථානයක්ද ස්ථාපිත කෙරේ.
මෙම ව්‍යාපෘතිය වසර තුනකින් නිම කිරීමට අපේක්ෂිත අතර ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියරේදී මහව සිට අනුරාධපුරය දක්වා කොටස ද දෙවැනි අදියරේදී අනුරාධපුරයේ සිට ඕමන්තේ කොටස ද සංවර්ධනය කෙරේ.
ව්‍යාපෘතිය ඉදිකිරීම් ක්‍රියාත්මක අවස්ථාවලදී මහව - අනුරාධපුර දක්වා කොටස මාස 6කට සහ අනුරාධපුර ඕමන්තේ දක්වා කොටස මාස 5කටද වසා තබන අතර එම අවස්ථාවවලදී දුම්රිය ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යාමට වසා දැමෙන කොටස ආවරණය වන පරිදි බස් රථ යොදවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහව සිට ඕමන්තේ දක්වා නව දුම්රිය මාර්ගයක්
dilhara Friday, 19 July 2019 05:07 AM
ලංකාවේ ඇතුලේ කොම්පැනියකට දෙන්න. ලංකාවට අබ සරණයි .
Udarath Friday, 19 July 2019 06:42 AM
හොඳ වැඩක්