(වන්නි රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා මිශ‍්‍ර දුම්කොළ නොහොත් මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පේදුරුතුඩුව ඉම්බසෙට්ටි ප‍්‍රදේශයේදී ඊයේ (23) සවස අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.
පේදුරුතුඩුව පොලිසිය පැවසූවේ නාවික හමුදා උත්තර වෙරළාරක්ෂක නිළධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40,45 හා 47 ක් වන සැකකරුවන් වන අතර ඔවුන් අද (24) පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතාගේ නියෝග යටතේ,යාපනය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය මහතාගේ අධීක්ෂණයෙන්, යාපනය දිස්ත‍්‍රික් භාර සහකාර පොලිස් අධිකාරි ඩි.ජි.ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි, යාපනය පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයලත් මහතාග් මෙහෙයවීම යටතේ, පේදුරුතුඩුව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1747
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාවා කිලෝ 100 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට