IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මර්සි නෞකා කාර්ය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රජා සත්කාර රැසක්

 (හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)
 
‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් දෙකක් ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධංකර විද්‍යාලයේදීය සහ සාම්පූර් මහා විද්‍යාලයේදී පැවැත්විණි.
 
ත්‍රිකුණාමලය සුමේධංකර විද්‍යාලයේදී නෞකාවේ කාර්යමණ්ඩලය සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර ඊට පාසලේ සිසු සිසුවියෝද සහභාගී වූහ. ඊට පෙර නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පාසල් සිසුන් අතර වොලිබෝල් තරග කිහිපයක් පැවැත්විණි.
 
මෙහිදි ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේණික ක්‍රීඩාවක් වන ‘ෆ්‍රීස්බී’ ක්‍රීඩාවේ නිරත වීමට ද ශ්‍රී සුමේධංකර විද්‍යාලයේ සිසු සිසුවියන්ට අවස්ථාව ලැබිණි. 
 
අද දිනයේ දෙවැනි වැඩසටහන සාම්පූර් හි සාම්පූර් මහා විද්‍යාලයේදී පැවැත්විණි. එහිදි පාසල් සිසු සිසුවියන්ට වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර එම සායනය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය. වෛද්‍ය සායනයට අමතරව අද (3) සහ (4) ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ. එම වෛද්‍ය සායනයට සාම්පූර් හා ඒ අවට පිරිස් ද සහභාගී වූහ. 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ත්‍රිකුණාමලය, සාම්පූර් යන ප්‍රදේශවල රෝහල් සහ ඒවායේ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව වෛද්‍ය සායනය සහ ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පැවැත්වේ.
 
අද (3) දහවල් වනවිට සාම්පූර් හා ඒ අවට ප්‍රදේශවල වැසියන් 500කට ආසන්න පිරිසක් අක්ෂි, දන්ත සහ වෙනත් රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් මෙන්ම ප්‍රතිකාර ද ගෙන තිබිණි. 
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ කාර්යමණ්ඩලය විසින් එම වැඩසටහන් දියත් කෙරුණි . යු.එස්.එන්.එස් මර්සි නෞකාව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකකි.
 
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ
 
 
 
 
 



අදහස් (0)

මර්සි නෞකා කාර්ය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රජා සත්කාර රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site