IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මොරවක නිවාස දෙකකින් ලක්ෂ තුනක රන්භාණ්ඩ සොරගෙන

(එස්. ඩී. කොඩිකාර )

මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ  එහි තිබූ රුපියල් 3,80,500 වටිනා මුදල් සහ රන් ආභරණ අද (25) සොරකම් කරගෙන ගොස් ඇතැයි මොරවක පොලිසිය කියයි.

නිවාස දෙකෙහි ම නිවැසියන් නොමැති අවස්ථාවක නිවෙස් දෙකෙහි අල්මාරිවල දමා තිබූ රන් ආභරණ සහ මුදල් මෙසේ සොරකම් කරගෙන ගොස් ඇතැයි නිවැසියන් මොරවක පොලිසියට පැමිණිලි කර ඇත.

එක් නිවසක  පිටුපස  ජනේලයෙන් ඇතුළු වී එම නිවසෙහි තිබූ රුපියල් 2,36,000 වටිනා රන්  වළලු දෙකක්,රන් මාලයක්, රන් මුදු දෙකක්, පෙන්ඩනයක්, කරාබු යුගලක්  සොරකම් කරගෙන ගොස් තිබූ අතර අනෙක් නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී  එහි අල්මාරියෙහි දමා තිබූ  තිබූ මුදල් රුපියල්  60,000 සහ  රුපියල් 84,500 ක රන් මාලයක්, රන් පෙන්ඩනයක්, පංචායුධයක්, කරාබු යුගල හතරක්  සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය කීය.

මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (0)

මොරවක නිවාස දෙකකින් ලක්ෂ තුනක රන්භාණ්ඩ සොරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site