IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මැරයෝ වර්ණසිංහගේ කාර්යාලයයට පහරදෙති

එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත වර්ණසිංහ මහතා ගේ අගලවත්ත බදුරලිය පක්ෂ කාර්යාලයට අද (  26) අලුයම ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ගිනි අවි සහිතව ජීප් රථයකින් පැමිණි මැර කණ්ඩායමක් මෙම මෙම ප්‍රහාර එල්ල කළ බව ද එම සංවිධානය පවසයි.

කැෆේ සංවිධානය මෙසේ ද කියයි.

‘මැතිවරණයේ මේ දක්ව කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 536 කි.  එයින් 26 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙනි.  ගෙවී ගිය දින 7 ක කාලයේ ගිණි අවි සහිතව සිදු කළ පළමු ප්‍රහාරය බදුරලිය දී නිශාන්ත වර්ණසිංහ මහතා ගේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය යි.

ප්‍රහාරයෙන් අජිත් ප්‍රියන්ත සහ ඩී.කේ. ජයතිලක යන අය තුවාල ලබා ඇත.  සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසූවේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් එකවරම ගිණි අවි සහ යකඩ පොළු සහිතව කාර්යාලයට කඩා වැදී පහරදුන්නාභාණ්ඩ සහ ප්රචාරක පුවරු ප්රහාරයෙන් විනාශ වී තිබෙනවාමේ පිළිබද පොලීසියට පැමිණීලි කිරීමට ගියාඉන් පසුව මේ පිරිස නැවත එම වාහනයෙන්ම පැමිණ නැවත වරක් ප්රහාරයක් එල්ල කළා.‘

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට අයත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.  යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයින් අතර මානාප සදහා තියුණු තරගයක් නිර්මාණය වී ඇති අතර මෙම ගැටුම එහි ප්‍රතිඑලය කි.

දිගින් දිගටම පොලීසිය විසින් නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.‘



අදහස් (0)

මැරයෝ වර්ණසිංහගේ කාර්යාලයයට පහරදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 159 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site