( රංජිත් කරුණාවීර )
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ඇතුලු 05 දෙනෙකු මහියංගන පොලිසියට බාරවීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේමත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා අද (12) නියෝග කළේය.
දැඩි අවවාද මත , දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප මෙහිදී නියම කෙරිණි.
ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී නිවෙස් බලා යමින් සිටියදී රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියට මෙම පහරදීම සිදු කර තිබිණි.
මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සිසිර බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුලු හතර දෙනෙකුගෙන් යුතු පිරිසකි.
ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මන්ත්‍රීවරීයකට පහරදුන් 5 දෙනාට ඇප
රවින් Tuesday, 12 November 2019 12:15 PM
පොදු ජනයාටනම් අත්අඩංගුවේ ඉන්නකොට මාංචු දානවා නේද?
sharm warnFriday, 15 November 2019 07:00 AM
ඉතින් පේනවනේ. දිනන්නත් කලින් මෙහෙම නම් .. පක්ෂේ පැත්තක තියන්න. අඩු ගානේ ගැහැනියෙකුට අත උස්සන්න තරම් නිහීන අය තමයි අපි පාලකයෝ හැටියට පත් කරගෙන ඉන්නේ. අපිට තලා ගන්න ඕන පරාල වලින්.