(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිළධාරින් අල්ලා ගත් පිඹුරෙකු මුදා හැරිමට යාමේදී අද ( 17) වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියකු සපා කෑ බව වනජීවී නිලධාරීහු කියති.
පිඹුරා විසින් සපා කෑමට ලබා ඇත්තේ පුත්තලම අලි පාලන ඒකකයේ අඩවි ආරක්ෂක ඩබ්ලියු.එම්.කේ.බි.එන් බංඩාර නැමති නිළධාරියාය.
අඩි 10 කට ආසන්න දිගින් යුත් මෙම දැවැන්ත පිඹුරා පුත්තලම පෞද්ගලික ඉඩමක රැදි සිටියදී වනජීවි නිළධාරින් ඊයේ(16) රාත්‍රියේදී අල්ලා ගෙන මුදා හැරිම සදහා ආරක්ෂීතව වනජීවි පාලන ඒකකයේ රදවාගෙන සිට තිබේ.
පසුව පිඹුරා තබ්බෝව අභය භුමියට මුදා හැරිමට, රදවා තිබු කුඩුවෙන් එළියට ගෙන වෙනත් කුඩුවකට දැමිමට සුදානම් වන අවස්ථාවේදි වන ජීවි නිළධාරියාගේ වම් අතේ ඇගිලි සපා කා ඇති බව කියයි.
කෙසේ නමුත් එම ස්ථානයේ සිටි අනෙක් වන ජීවි නිළධාරින් දැරි පරිශ්‍රමයක් දරා පිඹුරාව මෙල්ල කර සපා වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියාව ඉවත් කර ඇති බව කියයි.
පිඹුරාගේ සපා කෑමට ලක්වු වනජීවි නිළධාරියාට බරපතල නොවන බවත් සපා කෑමට ලක්වු ඇගිලි සදහා ප්‍රථිකාරි ලබා දීම සිදුකල බවද වනජීවි නිළධාරින් පවසයි.
මෙලෙස වන සතුන් අල්ලා ගැනිමට යාමේදි ඒ සදහා නිසි උපකරණ නොමැතිවිම මත මෙවැනි සිදුවිම් වලට නිරන්තරයෙන් මුහුණ දිමට සිදුව ඇති බව වනජීවි නිලධාරීහු කියති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මුදා හරින්න ගිය පිඹුරා වනජීවී නිලධාරියාගේ අත සපා කාලා‘