(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වංචා කළැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ හිටපු කළමනාකාරිය සැප්තැම්බර් (10 ) දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.
බලන්ගොඩ රත්මලවින්න ප්‍රදේශයේ පදිංචි අතුකෝරළලාගේ මංගලිකා චිත්‍රංගනි නැමැති 48 හැවිරිදි සැකකාරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර කර ඇත.
ඇය සේවය කළ උඩවෙල සණස බැංකුව ශාඛාව දැනට වසරකට ආසන්න කාලයක් සිට වසා දමා තිබේ.
බන්ධනාගාර නිලධාරීන් සහ පින්නවල පොලිසියේ නිලධාරීන් විසින් එම සැකකාරියව අද (27) අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර එම බැංකු ශාඛාවේ මුදල් සේප්පුව පරීක්ෂා කිරිම සදහා ඇය සේවය කළ උඩවෙල සණස බැංකු ශාඛාවට රැගෙන එනු ලැබීය.
බැංකු ශාඛාවේ සේප්පුවෙහි පැරණි මුදල් නෝට්ටු කිහිපයක් පමණක් තිබූ අතර ප්‍රදේශයේ ඉඩම් හිමියන්ගේ ඔප්පු කිහිපයක් ද එම බැංකු ශාඛාවේ තිබුණි. ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචාව කිරීමක් සම්බන්ධයෙන් එම නඩුව අද (27) දා බලන්ගොඩ අධිකරණයේදි යළි කැඳවා තිබුණි. සැකකාරිය සැප්තැම්බර් 10 වැනිදා දක්වා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදි නියෝග කෙරිණි.
සැකකාරිය මාස නවයකට පසු බලන්ගොඩ පොලිසිය මගින් ඉකුත් (06) වැනිදා සවස අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සදහා පින්නවල පොලිසිය වෙත භාර දී ඇත. ඇගෙන් ප්‍රකාශ සටහන් කරගත් පින්නවල පොලිසිය ඉකුත් (07) වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස අවස්ථා දෙකකදි අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුදල් වංචා කළැයි චෝදනා ලැබූ කළමනාකාරිනිය යළි රිමාන්ඩ්