(මහේෂ් කිර්තිරත්න)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් පිරිසක් තමන් නගරාධිපතිධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බවට පැමිණිල්ලක් අද (24) මාතලේ මුලස්ථාන පොලිසියට කළ බව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති(එ.ජා.ප) ඩල්ජිත් නන්දලාල් අලුවිහාරේ මහතා පැවසිය.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දා මාතලේ ඔරලෝසු කණුව අසළදි ජයග්‍රහණය සැමරු උත්සවයක් මෙම තර්ජනය තමාට සිදු කළ බවට විඩියෝපටද තමා පොලිසියට ඉදිරිපත් කළ බවත් තමා නගරාධිපති ධුරයෙන් ඉවත් කරන බවට බැණ තර්ජනය කළ බවට තොරතුරු රාශියක් ලැබුණු බවත් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි සිදු කළ බවද අලුවිහාරේ මහතා පැවසිය.
ජනපතිධුරයට පත් ගොඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්ප ඉදිරියට ගෙන යැම සදහා මාතලේ නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස සහය උපරිම වශයෙන් ලබා දෙන බවත් මේ වන විටත් රාජපක්ෂ මහතා විසින් විශිෂ්ට තින්දු තිරණ රැසක් රැගෙන ඇති බවත් එය අගය කළ යුතු බවත් මාතලේ නගර සංවර්ධනය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් ඒ සදහා අවශ්‍ය සහය ලබා දිමට කටයුතු කරන බවද අලුවිහාරේ මහතා වැඩිදුරටත් පැවසිය.
පැමිණිල්ල සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ නගරාධිපතිගෙන් පැමිණිල්ලක්