(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ මාතර තල්පාවිල මධ්‍ය මහ විද්‍යාලයේ ආරක්ෂිත තාප්පය අද (04) දහවල් හදිසියේ කඩා වැටී තිබේ.
අබලන්ව පැවති ආරක්ෂිත තාප්පය සම්පූර්ණයෙන්ම පාහේ මාතර යටියන මාර්ගයට කඩා වැටී තිබුණි.
සිදුවීම වූ අවස්ථාවේ ඒ අසළ මිහිදු ආදර්ශ විද්‍යාලයේ කුඩා දරු දැරියන් පිරිසක් ද ගමන් කර තිබිණී. ඔවුන්ගෙන් කිසිවකුටත් කිසිදු හානියක් වී නැතැයි මව්පියෝ පැවසූහ.
විද්‍යාලයේ ආරක්ෂක රාජකාරී වල යෙදී සිටි මාතර මූලස්ථාන පොලීසියේ සැරයන් 24490 රංජිත් විතානගේ මහතා වහා ක්‍රියාත්මක වී දෙමාපියන් හා ගුරුවරුන් සමග එකතු වී ඉන් අනතුරුව එම ස්ථානය අසළින් දරුවන් ගමන් කිරීම වළක්වා ගෙන තිබුණි.ඊට අමතරව පාර මැදට වැටී තිබූ තාප්පයේ කොටස් ද ඔවුහු ඉවත් කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාතර තල්පාවිල විදුහලේ තාප්පය හදිසියේ කඩාවැටේ