IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මත්කුඩු ගිලදැමීමට තැත් කළ කතක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අවස්ථාවේ හෙරොයින් මත්කුඩු ගුලියක් ගිලදැමීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකාරිය ගිලදැමීමට උත්සාහ කළ මත්කුඩු ගුලිය රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු, ග්‍රෑම් පහක් පමණ ප්‍රමාණයක් බව පොලිසිය කියයි.
 
මොල්ලිගොඩ පදිංචි කාන්තාවක සූක්ෂ්ම ආකාරයෙන් මත්කුඩු ජාවාරමේ නිරත බවට වාද්දුව පොලිසිය ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
 
පොලිස් නිලධාරීන් නිවසට ඇතුළුවනවිට අල්මාරිය අසළට ගිය සැකකාරිය යමක් ගෙන කටට දමාගත් බවත්, පසුව නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී මත්කුඩු බව හඳුනාගත් බවත් පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී පානදුර පදිංචි පුද්ගලයකු හරහා ලබාගන්නා මත්කුඩු, ඇය විසින් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය 42 හැවිරිදි තැනැත්තියකි.
 
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්කුඩු ගිලදැමීමට තැත් කළ කතක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14815 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site