(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 5 කණුව ප්‍රදේශයේදී අද (14) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයකින් පහළ බදුලු ඔයට පෙරළීයාමෙන් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබේ.
මොටර් රථය පදවාගෙන ගිය බදුල්ල බදුලුපිටිය ප්‍ර දේශයේ පදිංචි ඖෂධ අලෙවි ප්‍රවර්ධන නිළදාරියෙකු කිසිදු තුවාලයක් නොලබා බේරී ඇතැයි පොලීසිය කීය.
මෙම මෝටර් රථය නුවරඑළිය සිට හාලිඇල හරහා බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරුරට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
පෙරළී ගිය මෝටර් රථය බදුලු ඔයට වැටී ජලයේ පාවෙමින් තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෝටර් රියක් බදුලු ඔයට පෙරළෙයි