(කේ. බුද්ධික කුමාරසිරි)
මාලබේ අරංගල සන්දෝරිස් ජයන්ත මාවතේදී අනතුරට ලක් වූ මෝටර් රථයක් තුළ තිබී අද (05) උදෑසන මෘත ශරීරයක් සොයා ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෝටර් රථයක් තුළ මෘත ශරීරයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එහි ගොස් විමසීමේදී මළ සිරුර හමු වී ඇත.
මිය ගොස් ඇත්තේ මාලබේ කහන්තොට පාර ප‍්‍රදේශයේ පදිංචි රාහුල ජයසම්පත් නමැති 48 හැවිරිදි තිදරු පියෙකි. ඔහු ති‍්‍ර රෝද රථ රියදුරෙකු බව හඳුනාගෙන ඇත.
අවමංගල්‍ය අවස්ථාවකට සහභාගි වීම සඳහා යන බව පවසා මොහු පෙරදින නිවසින් පැමිණ ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙම මරණය අනතුරක් හෝ රෝගී තත්වයක් හේතුවෙන් සිදුවූවක් යන්න සම්බන්ධයෙන් අද(05) පශ්චාද් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මෝටර් රථයක මළ සිරුරක්