
(විමුක්ති සංජය පෙරේරා )
මෙරට නිෂ්පාධිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග 60 හැවිරිදි පුද්ගලයෙක් රිදීමාලියද්ද ,පෙතියාගොඩ, නව පොල්තාවාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
රිදීමාලියද්ද පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇති අතර වැටලිම සිදුකරන අවස්ථාවේ සැකකරු තුවක්කුව තම නිවසේ ඇද යට සගවා තිබියෙදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලපත් නොමැතිව මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිණිඅවියක් ලගතාබාගැනිමේ චොදනාව යටතේ අද (06) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස් අවුරුදු යුද්ධයක් තිබ්බ රටක T56 තුවක්කු සිය දහස් ගණනක් සිවිල් පුරවැසියන් අතේ තිබ්බ රටක වෙඩි බේත් කොටන තුවක්කුවක් අල්ලන් පොලිසිය නටන නාඩගමක්...