IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බහරේන් "අපේ පන්සලේ" පොසොන් පින්කම

බහරේන්හි රෆා නගරයේ පවත්වාගෙන යන " අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත් පොසොන් පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

සැදැහැවත් බෞද්ධයෙකු වන සුමිත් ගුණසේකර විසින් 2009 වසරේදී ආරම්භ කළ මෙම ආගමික ස්ථානය එම ප්‍රදේශයේ ස්ථාපිත කළ ප්‍රථම බෞද්ධ මධ්‍යස්ථානය වන බව මේ සුදේශ් කරුණාතිලක පැවසිය.

වීවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සෑම වසරකම වෙසක් සහ පොසොන් පින්කම් මෙන්ම අනෙකුත් ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව බොහෝ කලක සිට බහරේන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි.

මෙම මධ්‍යස්ථානය සැබවින්ම ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි බොහෝ අංගෝපාංගයන්ගෙන් සමන්විතවෙයි. එහි මනරම් බුදු මැඳුරක් ඇත. ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද බෝධීන් වහන්සේ නමක් වැඩ හිඳී. ඉඩ සහ අවසර ලැබෙන ප්‍රමාණයට නිර්මාණය කළ වෙහෙර වහන්සේ නමක්ද ඇත.

වෙහෙස මහන්සිවී දුෂ්කර පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හට මෙම ස්ථානයට පැමිණීමෙන්ම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ විහාරස්ථානයකට ඇතුළුවන විට ඕනෑම බෞද්ධයකු හට දැනෙන අන්දමේ අසීමිත මානසික සුවයකි.

මෙවර පොසොන් පිංකම පැවැත්වූයේ 7 වැනි වතාවටය.ඒ සඳහා රෆා අපේ පන්සලේ දායක කාරකාදීහු සුවිශේෂී වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි.

එහි විශේෂ තැනක් ගත්තේ පොසොන් උත්සවය උදෙසාම ඉතාම කෙටි කාල සීමාවක් තුල  නිර්මාණය කොට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ මහා පහන් කූඩුවයි. මෙයට අමතරව දහසක් දෙනා වෙනුවෙන්  ශ්‍රී ලාංකික ආහාර පාන ඇතුළත්වූ පොසොන් බත් දන්සලක් ද විය.

පොසොන් පොහෝ දින පිංකම සඳහා විශාල පිරිසක් සහභාගීවූහ. වැඩකටයුතු ආරම්භ වූයේ රෆා පන්සලේ බුද්ධ මන්දිරයේදී ගිලන්පස බුද්ධ පුජාවක් පැවැත්වීමෙනි. අනතුරුව පැමිණ සිටි සැම තිසරණ සහිත පංච ශීලය සමාදම්වී තෙරුවන් වන්දනා කළහ.

තම මව්බිමෙන් බොහෝ දුර බැහැර තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකික සැමදෙනා හටම ඉමහත් අස්වැසිල්ලක් ගෙනදෙන කුටක කාන්තාරේ සුපිපුණ සුගන්ධිත පුෂ්පයක් වන් "රෆා අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙලෙසින් පවත්වාගෙන යන්නේ ඉතාමත් අසීරු වාතාවරණයක් යටතේය. මෙවර පොසොන් පින්කමේ, පහන් කුඩු නිර්මාණයේ සහ දන්සලේ වැඩ කටයුතු සඳහා මෙන්ම බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහාත් විවිධාකාරයෙන් තම අගනා කාලය, ශ්‍රමය සහ මිලමුදල් වැය කරමින් සහයෝගය දක්වන සියලුම දෙනාටත් පිංකම සඳහා සහභාගිවූ විශාල සැදැහැවතුන් පිරිසටත් සංවිධායකයෝ  පුණ්‍යනුමෝදනා කළහ.

RAFAA-6 RAFFA-1 RAFFA-2 RAFFA-3 RAFFA-5 Raffa-8 RAFFA-10 RAFFA-11 RAFFA14 RAFFA-15 RAFFA-18



අදහස් (0)

බහරේන් "අපේ පන්සලේ" පොසොන් පින්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site