IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

(සිරංගිකා ‌ලොකුකරවිට) 
 
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20)  පැවැති මාසික සභා රැස්වීම අවස්ථාවේ දී ජල බවුසර්  සම්බන්ධ මතු වූ ගැටළුවක්  හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සභා රැස්වීම හදිසියේ ම ඉදිරි සැප්තැම්බර් 17 වැනි දිනය දක්වා කල් තැබිණි.
 
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් ජල බවුසරයක් ලබා ගැනීම සඳහා ලිඛිතව හෝ දුරකථනයෙන් හෝ ඉල්ලීමක් කළ විට දින 07ක කාලයක දී මුදල් ගෙවීමේ සහන කාලයකට යටත්ව ජල බවුසරය ලබාදීම සුදුසු යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත කේ.බටුවන්තුඩාව මහතාගේ යෝජනාවක් ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම තත්ත්වය පැන නැගිණි.
 
එහි දී සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියා සිටියේ ජල බවුසර් ණයට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකි බවයි.
 
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් කලංසූරිය මහතා පසුගිය ඇසළ පොහෝ දිනයේ ගිංතොට ගම්වාසීන් විසින් පැවැත්වූ දේව දානයකට බවුසරයක් ලිඛිතව ඉල්ලා සිටිය දී එම බවුසර ලබා නොදී වෙනත් තැන් දෙකකට ජල  බවුසර ලබා දී ඇති බවයි. එම බවුසර ලබාදුන්නේ ලිඛිත ඉල්ලීමකටනම් එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ද මන්ත්‍රීවරයා විසින් දැනුම් දෙන ලදී.
 
 
සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ අවස්ථාවේ දී පවසා සිටියේ දැන් එවැනි ලිඛිත සටහන් සභාවට ඉදිරිපත් කළ නොහැකි බවයි.
 
''දැන් මේ ලිපිගොනු සභාවට ගේන්න බැහැ. ඒවා ලබන සභා රැස්වීමට ඉදිරිපත් කරන්නම්. ලිඛිතව ඉල්ලන්න. එතකොට මම ඉදිරිපත් කරන්නම්."
 
මේ අවස්ථාවේ දී සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් මේ අවස්ථාවේ දී එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටිය ද  සභාපතිවරයා සභාව කල් තැබීමට කටයුතු කළේය.
 
සභාව කල්තබන අවස්ථාව වනවිට න්‍යායපත්‍රයට ඇතුලත්ව තිබූ මන්ත්‍රී යෝජනාවලින් සාකච්ඡාවට ගෙන අවසන්ව තිබුණේ අටක් පමණි. කාරක සභා වාර්තා තුනක්  සහ ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ එකතු කළ ආදායම් පිළිබද ප්‍රගති වාර්තා ද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site