(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මාන්කුලම් ඒ-9 ප්‍රධාන මාර්ගයේ දී මුරුගණ්ඩි ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි.
වවුනියාව දෙස සිට කිලිනෝච්චියට ගමන් ගත් කාර් රථය කිලිනොච්චියේ සිට වව්නියාව දෙසට ගමන්ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
බස් රථයේ රියදුරු මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් කාර් රථයට බරපතල හානි සිදුව තිබූ අතර එහි රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටත් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64 ක් වූ කොලඹ බම්බලපිටියේ පදිංචි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු බව අනාවරණය වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බස්-කාර් අනතුරින් අයෙක් මරුට