IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක්

(විනීතා එම්. ගමගේ)

අඩු ආදායම්ලාභි පවුල් සඳහා බලශක්තිය අඩුවෙන් වැයවන නිවාස ක‍්‍රමයක් හඳුන්වාදීමේ  පර්යේෂණයක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හා මොරටුව විශ්විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස මොනරාගල කොළඹ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවලින් තෝරාගත් නිවාස 350 ක නියැදියක් සමීක්ෂණයට ලක් කරන බවත් එම අධ්‍යයනයෙන් පසුව අඩු ආදායම්ලාභී නිවාසවල බලශක්ති පරිභෝජන රටාව හඳුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිත බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි.

අධ්‍යයනයෙන් පසුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුමක් ඉදිරිපත් කරනු ඇතැයි ද එම නිවාස සඳහා බලශක්තිය නිවසේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධතියක් මඟින් ලබාගැනීමට සළස්වනු ඇති බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් මෙම පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයෙවනු ලබයි.

මේ සම්බන්ධව ගිවිසුමට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. කේ. සී. කේ. පෙරේරා සහ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් යන මහත්වරු මෙම ගිවිසුමට ඉකුත් දා අස්සන් කළහ. 



අදහස් (0)

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 573 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 481 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site