(ඉන්දිකා රාමනායක )
බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කළ සහ අලෙවි කළ අම්බලන්තොට නගරයේ ඖෂධ අලෙවි සැලක් වටලා විවිධ වර්ගයේ ඖෂධ 600 ට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
එම ස්ථානය සම්බන්ධයෙන් අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත .
බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කර තැබීම සහ ඖෂධ වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 හැවිරිදි අයෙකි..
සැකකරු සහ ඔව් භාරයේ තිබී අත්අඩංගුවට ගෙන ඖෂධ වර්ග විමර්ශන කටයුතු සඳහා ආහාර හා ඖෂධ පරික්ෂක දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය හම්බන්තොට ඩි.එස්.පි. ගුණසේකර යන අය වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී