(රංජිත් රාජපක්ෂ)
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් අටදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ බගවන්තලාව ලොයිනොල් වත්ත ප්‍රදේශයේ අනවසරෙන් මැණික් ගැරූ 6 දෙනෙකු සහ සහ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ තේ වත්තේ මැණික් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව ලබන මස 3 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවද බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට