(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
එක්සත් ජාතික පක්‍ෂයෙට සුළුතර බලය හිමිව ඇති බලන්ගොඩ නගර සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද පහකින් අද ( 26) පරාජයට පත්විය.
නගර සභා සභාපති චමික ජයමිණී විමලසේන වැවේගෙදර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ පැවති එම සභාවේ මාසික රැස්වීමේදී මෙලෙස අයවැය පරාද විය.
සභාපතිවරයා ගෙනා අයවැය යෝජනාවට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති චමික ජයමිණි විමලසේන වැවේගෙදර සභිකයන් වන රවීන්‍ද්‍ර කවිරත්න, එම්.ජේ.මලීසා, සුනේත‍්‍රා ඩී. වීරසිංහ, විමලසිරි මඩුවන්වල සහ තරංගනී මඩුවන්වල යන හය දෙනා පක්‍ෂව ඡන්දය දුන්හ.
ආණ්ඩු පක්‍ෂයේ සිට මීට මාස කිහිපයකට පෙර විපක්‍ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ උපසභාපති එම්.ටී.එම්.රූමි මහතා ඇතුළු හිටපු නගර සභා සභාපතිවරයකු වු නිමල් ගාමිණී වීරසිංහ සහ එම්.ජී. ශාන්ති ලේඛා යන සභිකයන් දෙදෙනා ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ විපක්‍ෂ නායක වසන්ත කුමාර ගුණරත්න, අකිල සාලිය එල්ලාවල, ජයන්ත පේ‍්‍රමකුමාර, නිමල් කරුණාරත්න, ලාල් ගලප්පත්ති, නදිශාන් වික‍්‍රමාරච්චි සහ ඞී.චන්‍ද්‍රලතා යන සභිකයෝ 7 දෙනාද, ජනතා විමුක්ති පෙරමුණේ කේ. ජී. පේ‍්‍රමදාස සභිකයා ද විරුද්ධව ඡන්දය දුන්හ.
ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද හයක් ද විපක්‍ෂව ඡන්ද 11 ක් ද ලැබිණි. වැඩි ඡන්ද පහකින් බළන්ගොඩ නගර සභාවේ 2020 අයවැය පරාජයට පත්විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලන්ගොඩ නගර සභා අයවැය පරාදයි