ප්‍රින්ස් රත්නායක
බලංගොඩ මූළික රෝහලේ පස්මහල් වාට්ටු සංකීර්ණය විවෘත කළද තවමත් වැඩ ආරම්භ නොවීම සම්බන්ධයෙන් 23 වැනිදා ලංකාදිප පුවත්පතින් කළ හෙළිදරව්වෙන් පසුව සබරගමුව පළාත් ආණ්ඩකාරවරිය සිය පළමු රාජකාරිය ලෙස බලංගොඩ රෝහල නිරීක්ෂණය සඳහා අද (24) දහවල් රෝහලට පැමිණියාය.
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර , සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එම්.බී.එස්.එම්.කුමාරගේ, සහකාර අධ්‍යක්ෂ ඩබ්. ආර්.එස්.කේ. වීරසේකර, සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන සංස්කෘතික හා වනිතා කටයුතු හිටපු අමාත්‍ය භාණූ මුණිප්‍රිය මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
පස්මහල් ගොඩනැගිලේ සම්පූර්ණ කළ යුතු අංග ගැන බලංගොඩ මුළික රෝහලේ වෛද්‍ය අධීකාරී බී.එම්.එස්. දසනායක මහතා විස්තර කළේය.
පස් මහල් රෝහල් සංකීර්ණයේ නිරීක්ෂණයෙන් අනතුරුව නේවාසික රෝගීන්ගේ සුවදුක් බැලීමටද ගිය ආණ්ඩුකාරවරිය ඔවුන්ට ඉක්මණින් අවශ්‍ය පහසුකම් සලසා දෙන බව පැවසුවාය.
‘‘ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න ජනාධීපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ රෝහල් සංකීර්ණයේ කටයුතු සම්පූර්ණ කර ජූනි 15 වැනිදාට පෙර ජනතා අයිතියට පවරනවා.‘ යැයි ද ඇය කීවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලංගොඩ රෝහලේ ඉදිකිරීම් ගැන ආණ්ඩුකාරවරියගෙන් පොරොන්දුවක්