IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බෙලිඅත්තේදී රජරට රැජිණිගේ පීලී පනී

(අනීෂා මානගේ)

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජිණි දුම්රියෙහි එන්ජිම දුම්රියට සවිකිරීමට යාමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ එන්ජිමට සහ මැදිරියකට දැඩි හානි සිදුව තිබිණි.
 
වව්නියාව සිට බෙලිඅත්ත බලා ධාවනය කර යළි බෙලිඅත්තෙන් පස්වරු 4.25ට මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රජරට රැජිණි දුම්රිය මෙලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී   අද(21) අනතුරට ලක්ව ඇත.
 
රජරට රැජිණි දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ යළි පස්වරු 4.25ට ගමන් ආරම්භ කිරීම සඳහා දුම්රිය එන්ජිම සවිකිරීමට යාමේදී අනතුර සිදුව තිබේ. දුම්රිය එන්ජිම පසුපසට ධාවනය කිරීමේදී වේගයෙන් පැමිණ ඉදිරිපස තුන්වන පන්තියේ මැදිරියෙහි ගැටී ඇති අතර එම මැදිරිය තල්ලු වී ගොස් දෙවැනි පන්තියේ මැදිරියක ගැටී ඇත.
 
මේ නිසා තුන්වන පන්තියේ මැදිරියෙහි ඉදිරිපස කොටස සහ දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව තිබිණි. එන්ජිමෙහි පාපුවරුව සහ මැදිරියෙහි පාපුවරුවක් ගැලවී තිබූ අතර මැදිරිය සහ එන්ජිම සවිකරන ස්ථානයට දැඩි හානි සිදුව තිබිණි. අනතුර හේතුවෙන් දුම්රිය එන්ජිමෙහි ඉන්ධන ටැංකිවලටද හානි සිදුව ඇත.  දුම්රියෙහි ඉදිරිපස මැදිරිය වේදිකාවෙහි වැදී තිබීම නිසා දුම්රිය වේදිකාවටද හානි සිදුව තිබූ ආකාරය දක්නට ලැබිණි.
 
දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට අද පස්වරු කාලයේදීම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබිණි. 



අදහස් (0)

බෙලිඅත්තේදී රජරට රැජිණිගේ පීලී පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site