IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බර්ලින් සම්බෝධි කඨින පිංකම 15

ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම  විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පරිවේනාධිපති  රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සිංහල, ජර්මන් දායකත්වයෙන් ඔක්තෝබර් 15 වැනි දා උදේ 10 සිට දවස පුරා එස්. ඕ.එස් කින්ඩර්ඩ්‍රොෆ් බර්ලින් මොබිට් 10551 හී වොල්ඞ් ස්ට‍්‍රාස 23/24 දරණ ස්ථානයේ එස්. ඕ.එස් ළමා ගම්මානයේදී පැවැත් වීමට යයි.

සූරිච් බෞද්ධ විහාරාධිපති ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ  උපදේශක මල්වතු පාර්ශවයේ ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක  වල්පොල කළ්‍යාණතිස්ස නාහිමි, පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි,  විහාරවාසී කැස්බෑව කහපොල සඳහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරින්දේ ධම්මාලෝක හිමි, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, දෙහිවල ශ්‍රී මහාබෝධී විහාරවාසි කුරගම්මන ධම්මික හිමි,මණ්ඩාවිල සුමනාරාමවාසී ඇතාබැදියායේ සුගතනන්ද හිමි, ඩාලවිට්ස් ධම්මකාය තායි හිමි, විහාරාධිපති ප‍්‍රා මොන්චායි සෙතනාපෝන් හිමියන්  මේ පිංකමට වැඩම කරති.

බර්ලින් නුවර රෝයි පතිරණ මහතා සහ ශිරානි ඩිපෝල්ස් මහත්මිය කඨින පිංකමේ ප්‍රධාන දායකයෝය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම, තායිලන්ත තානාපති ආචාර්ය ධීරචත් භූමිචිට් හා කාම්බෝජ තානාපති තායි චුන් මහතා, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති රෙනර් නොවාක් මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ පිරිස් ද  සිංහල, ජර්මන්, තායි, වියට්නාම්, කාම්බෝජ, ලා ඕස් බෞද්ධයෝ සහභාගි වීමට නියමිතය.

 

 



අදහස් (0)

බර්ලින් සම්බෝධි කඨින පිංකම 15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 657 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site