IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බඹර ප්‍රහාරයකින් 5ක් රෝහලේ

(නිශාන්ත කුමාර)

පස්සර පිටමාරුව රෝබේරිය වතුයායේ පිහිටි කුඩා ලෝකාන්තය නැරඹීමට පැමිණි පිරිසකට අද (13) දහවල්   බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර  ඉන් තුවාල ලැබූ නවදෙනෙකු අතරින්  කාන්තාවන්  තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි  මඩොල්සිම පොලීසිය පවසයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කොළඹ, වත්තල, කඳාන හා ඒ අවට ප්‍රදේශවල සිට ලෝකාන්තය නැරඹීමට පැමිණි අවුරුදු 20-30 වයස්වල පසුවන  තරුණ පිරිසකි.

පැමිණි පිරිසේ 9දෙනෙකු  බඹර ප්‍රහාරයට ලක් ව ඇති අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිසට රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදී ඇත.

බඹරුන් ඇවිස්සීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැතත් එම ප්‍රදේශයේ  ගස්වල ඇති බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීමෙන් මෙම  ප්‍රහාරය එල්ලවන්නට ඇති බවට තමුන් සැකකරන බව එම අවස්ථාවේ එහි  සිටි වතු කම්කරුවෝ පිරිසක් පැවසූහ.

මීට සති දෙකකට පමණ පෙරද පිටමාරුව කුඩා ලෝකාන්තය නෑ නැරඹීමට පැමිණි පිරිසකට මේ අයුරින්ම බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන්නට සිදුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site