IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 8 ක් රෝහලේ

 

(රංජිත් රාජපක්ෂ)

                     

හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්‍රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට  බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය සමඟ තේ වත්තේ ගසක බැද තිබූ බඹර කුඩුවක් එකවරම කඩා වැටී තිබේ.

තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකුට මෙලෙස බඹරු ඇන ඇතැයි වතුයායේ පාලන අධිකාරිය කියා සිටී.

තේ වත්තේ බැද තිබූ බඹර කුඩුව දුමාරයක් ඇති කර ඉවත් කිරිමට ගිය වතු කම්කරුවන් දෙදෙනෙකුට ද පසුව බඹරුන් ඇන තුවාල සිදුකර තිබේ.

එම වතු යායේ  විශාල  ගස් වල බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබිමෙන් වතු කම්කරුවන් අද (7) එම වතු යායේ දෛනික වැඩ කටයුතු වලින් වැළකී සිටිමට පියවර ගනු ලැබුහ.



අදහස් (0)

බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 8 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site