IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බිබිලේ නිවසකින් කාන්තා මළ සිරුරක්

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල වෑගම ගම්මානයේ වටවන වෙල්යාය අසල නිවසක තිබී කාන්තා මළ සිරුරක් සහ රෝගී වී මරණාසන්නව සිටි කාන්තාවන් දෙදෙනෙක් බිබිල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. 

වෙල්යාය අසල තිබූ කුඩා පැල්පත් නිවසක් දෙසින් දුගදක් හමන බව ගම්වාසීන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය නිවසේ දොරකඩා සිදුකල සෝදිසියකදී නිවස තුළ කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් ‍දෙදෙනෙකු මරණාසන්නව සිටිය දී සොයාගෙන බිබිල රෝහලේ වෛද්‍යවරුන් එම ස්ථානයට ගෙන්වා ගිලන් රථයකින් මියගිය කාන්තාව හා රෝගී කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.

මව සහ ආබාදිත අවිවාහක දරුවන් දෙදෙනා නිවසේ තනියම සිටියදී හරිහැටි ආහාර නොමැතිවීම නිසා එක් අයකු මිය යන්නට ඇති බවත් අනෙක් දෙදෙනා දැඩිලෙස රෝගී වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

රෝහලට ගෙනවිත් භාරදුන් කාන්තාවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය කියයි.

 



අදහස් (0)

බිබිලේ නිවසකින් කාන්තා මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site