IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘බෝපත්තලාව ගොවිපළෙන් පරිසර හානියක්‘

(රංජිත් රාජපක්‍ෂ)

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ මියයන ගවයන් හා ගව පැටවුන් වළ දැමීම වෙනුවට එම සතුන්ගේ සිරුරු තෘණ බිම්වලට ගෙනවිත් දැමීම නිසා එම ගොවිපළේ විශාල දුගන්ධයක් හා විශාල පරිසර හානියක් සිදුවි ඇති බව එම සත්ත්ව ගොවිපළේ සේවකයෝ පවසති.

දිනපතා එම සත්ත්ව ගොවිපළේ ඇතැම් ගවයන් තෘණ බිම්වලට රංචු පිටින් මුදාහරින අතර එහිදි අසනිප තත්ත්වයේ සිටින ගවයන් එම තෘණ බිම්වල මියයන බවත් සත්ත්ව ගොවිපළේ අලුතින් බිහිවි මියයන ගව පැටවුන් මෙසේ තෘණ බිම්වලට ගොවිපළේ බලධාරින් විසින් ගෙනවිත් දමනු ලබන බවත් සේවකයෝ කියති.

කොත්මලාඔයේ ප‍්‍රධාන ජල මුලාශ‍්‍ර කිහිපයක් බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළ තුල ඇති බවත් එම ජල මුලාශ‍්‍ර හරහා ලබා ගන්නා ජලය තම නිවසේ අවශ්‍ය කටයුතු සදහා භාවිත කරන බවත් ඔවුහු කීහ.

මේ පිළිබදව සේවකයින් තමන් ගොවිපළේ පාලන අධිකාරියට පැමිණිළි කළද ඒ පිළිබදව සත්ත්ව ගොවිපළේ බලධාරින් මුණිවත රකින බව ඔවුහු කියති.

එසේ තෘණ බිමි වෙත ගෙනවිත් දමා ඇති මියගිය ගවයන්ගේ නරක් වූ සිරුරු සහ අස්ථි කොටස් දැකිය හැකිය.

එම සත්ත්ව ගොවිපළ තුළ විශාල වශයෙන් ගවයන් විවිධ රෝගාබාධවලට ලක් වී අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් බලධාරීන්ට ඇති බිය නිසා තමන් මාධ්‍යයට ප‍්‍රසිද්ධියේ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවත් ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් එම සත්ත්ව ගොවිපළේ කළමනාකාරවරයා සම්‍බන්ධකර ගැනිමට අවස්ථා කිහිපයකදි ගත් උත්සහය අසාර්ථක විය.



අදහස් (1)

‘බෝපත්තලාව ගොවිපළෙන් පරිසර හානියක්‘

sam Thursday, 25 January 2018 08:05 AM

මේක පරිසරයට හානියක් පමණක් නොවෙයි. එම ගොවිපොළේ ඉන්න නිරෝගී සතුන්ටත්, සේවකයන්ටත්, එම ගොවිපොළේ නිෂ්පාදනය කරන කිරි ආහාර සහ මස් වලටත් එම මියගිය සතුන්ගේ මළසිරුරු වලින් විශාල බලපෑමක් සිදුවෙනවා. වෙන රටක නම් මේ ගොවිපොළ වහාම වසා දමනවා .

:       35       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1751 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site