
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බදින තුවක්කුවක් පත්තු වී පාදයකට දරුණු තුවාල සිදුව එම ස්ථානයේදිම මරණයට පත්ව සිටි සය දරු පියකුගේ සිරුරක් අද 31 සවස සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි දරුවන් හය දෙනෙකුගේ පියකු වු එස්.එම් විජ්ජා නැමති 69 හැවිරිදි පියකු බව කියයි.
දරුවන් හය දෙනාගේ නිවෙස් වෙත මාරුවෙන් මාරුවට යාම නිසා එම ස්ථාන වල ඇති බව දරුවන් සිතා ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ.
කසිප්පු බිමට බරපතල ලෙස ඇබ්බැහි ව සිටි මෙම තැනැත්තා දින දෙකකට පෙර කසිප්පු සොයා ගමන් කරමින් සිටියදී කිසිවකු ඌරන්ට ඇටවු බදින කද පත්තු වි එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
බදින කද පත්තු වි යාමේන් දකුණු පාදය සම්පුර්ණයෙන් කුඩුවි යාමේන් ඇවිද ගෙන යාමට නොහැකිව අධික ලෙස ලේ වහනය වීමේන් මරණය සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අදාල තැනැත්තාගෙ සිරුර එම ස්ථානය පසු කරමින් ගවයින් බැදිමට ගමන් කරමින් සිටි අයකු දැක ඇති බවත් ඒ සමගම දරුවන් දැනුවත් කර පොලිසියට දන්වා ඇති බවද පවසයි.
අදාල ස්ථානයට පැමිනි ආණමඩුව වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍ර බන්ඩාර මහතා මෙම සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට ආණමඩුව පොලිසියට නියෝග කෙරුණි.
සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිසිය සමග පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂා කිරීමේ නිලධාරිහු පරික්ෂණ පවත්වති.


2025 දෙසැම්බර් මස 04
305
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඳින තුවක්කුව පත්තුවී සය දරු පියා මරුට