(ඩී.කේ.රත්න)
බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් වෛද්‍යවරයකු සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන් හට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු අද (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
පස්සර කොටමුදුන පදිංචි වයස අවුරුදු 38 මවක් සහ බදුල්ල කැන්දගොල්ල පදිංචි 33 හැවිරිදි මවක් මෙසේ බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ එම්.එච්.උපුල් ඉන්දික කරුණාරත්න මහතාට පැමිණිලි කර ඇත.
එවකට බදුල්ල මහ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු 2012.02.23 දින සිට 2015.01.31 දින දක්වා බදුල්ල මහ රෝහලේ සේවයේ යෙදී සිට තිබෙන අතර තමන් එම කාලය තුළ සිසේරියන් සැත්කමට භාජනය කළ බවත් එතැන් සිට මේ වනතුරු තමන් හට නැවතත් දරුඵල නොමැති බව පවසමින් මෙම මව්වරුන් බදුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මෙම තත්වය මත බදුල්ල මහ රෝහලේ මෙවැනි පැමිණිලි බාර ගැනීම සඳහා වෙනම කාර්යාලයක් විවෘත කළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල රෝහලටත් මව්වරුන්ගෙන් පැමිණිලි