IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බදුල්ල පළාත් රෝහල් අධ්‍යක්ෂට චෝදනාවක්

(එෆ්.අස්ලම්)

බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින්  කණ්ඩායමක් යොදවා සතොස පරිශ්‍රයේ අහිතකර ආකාරයෙන් ගොඩගසා ඇති පිළිකා නාශක එන්නත් කුප්පි ඇතුළු අපද්‍රව්‍යවල විසක් නැති බව පෙන්වීමට උත්සහා දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව චෝදනා කර සිටීයි.

මෙලෙස ගොඩගසා ඇති පිළිකා නාශක එන්නත් උඝ්‍ර විසකාරක ඖෂධ බවට වගකීමෙන් ප්‍රකශ කළ හැකි බවත් ජනතාවට විශාල අනතුරකට හා අවධානමකට මුහුණ දීමට මෙතුළින් සිදුව ඇති බවත් එම අපද්‍රව්‍ය ඉවත් කර ගන්නා තුරු තම සංගමය ක්‍රියාමාර්ගයකට පෙළඹෙන බවත් එම සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

බදුල්ල සතොස පරිශ්‍රයේ පිළිකා නාශක ආන්ත්‍රදායක එන්නත් කුප්පි ඇතුළු අපද්‍රව්‍ය තොගයක් ගොඩගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(15) බදුල්ල රෝහලේදී  මාධ්‍ය හමුවක් කැදවමින් රාජපක්ෂ මහතා මේ අදහස් පළකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රාජපක්ෂ මහතා මෙසේද කීය.

 ‘බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලේ ගොඩගසා ඇති පිළිකා නාශක එන්නත් කුප්පි ඇතුළු අපද්‍රව්‍ය තොගය මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග ප්‍රදේශයේ මෙන්ම රටපුරාම මෙම සිද්ධිය මහත් කුතුහලයට ලක්වෙලා තියෙනවා.ලංකා ඉතිහාසයේම පළවෙනි අවස්ථාව වෙන්න ඇති පිළිකා රෝගීන්ට දෙන පිළිකා නාශක  විස සහිත ඖෂධ සතොස වැනි ආහාර ගබඩා කරන ආයතනයක ගබඩා කරපු එක.

මෙහි අනතුර අපි මාධ්‍යවේදීන්ට මෙන්ම ජනතාවට අපි පෙන්වල දුන්නා.ඒ සමගම අධ්‍යක්ෂවරයා පොරොන්දු වුනා  දින කිහිපයකින් මේ විස ඖෂධ අපද්‍රව්‍ය එම ස්ථානයෙන් ඉවත් කරගන්නවා කියලා.නමුත් අද ඔහු සූදානම් වෙනවා මේ ගොඩනැගිල්ලට වහලයක් සවිකරලා තෙමෙන එක නවත්න්න.දෙවැනි එක තමයි යම්කිසි කණ්ඩායමක් යොදවගෙන මේ බෙහෙත්වල විස නැහැ කියලා වාර්තාවක් හදතවත් කාලයක් මේ විසකාරක එන්නත් අපද්‍රව්‍ය ඒ ස්ථානයේ ගබඩා කරල තියාගන්න.ඔහු කල්පනා කරන්නේ මේ ප්‍රශ්නය මගහරින්න.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හැම නියමයක්ම පිළිගන්න අපිට  බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ පිළිකා ඖෂධ නිශ්කාෂණය කරන්න නිවැරදි ක්‍රමයක් අනුගමනය කරන්න බැරි ඇයි. ඒක නොකර  සමස්ථ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයම කඩාවැටීම පෙන්නුම් කරල මේ ඖෂධ තවදුටත් මේ ස්ථානයේ ගබඩා කරන්නේ ඇයි.

අධ්‍යක්ෂවරයා එක එක කණ්ඩායම් හදාගෙන අනවශ්‍ය ආකාරයේ වාර්තා හදාගෙන මේ අපද්‍රව්‍ය මෙම ස්ථානයේ තවදුරටත් තියාගන්න උත්සහා කරනවා නම් අපි ඔහුට හා ඒ කණ්ඩායමට විරුද්ධව උසාවි උනත් යන්න සූදානම්. මෙතන තියන ඖෂධ අපද්‍රව්‍ය විස නැහැ කියලා කියනවා නම් අපි ලෑස්තියි උසාවියේදී හෝ ඒ බෙහෙත් විස බෙහෙත් කියල ඔප්පු කරන්න.

ඔය බෙහෙත් වල විසක් නැත්තම් සෞඛ්‍යට හානියක් නැත්තම් අධ්‍යක්ෂකවරයාට තිබුණනේ ඒවා තමන්ගෙ නිල නිවසට ගෙනියන්න. අපි සදුදා  මවු සංගමයත් එක්ක මේගැන සාක්ච්ඡා කරනවා.ඒ වනවිටත් මේ අපද්‍රව්‍ය ඉවත් කරගන්නේ නැතිනම් අපි ඌව පළාත පුරාම ක්‍රියාත්මක වන විදිහට මහජනතාවද සම්බන්ධ කරගනිමින් මේ ව්‍යසනයට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා.

මෙලෙස ගබඩා කරල තියෙන ඖෂධ උඩින් මීයො කැරපොත්තො මැස්සන් වැනි සතුන් එහාමෙහා යනවා.අඩි 20ක් එහායින් සතොස ආහාර ගබඩාව තියෙනවා.ඒ සත්තු හාල් වලට සීනි පරිප්පු වලට ගියා නම් ඇතිවන විනාශය කොහොමද ? දවසට දහස් ගණනක් සතොසින් බඩු ගන්නවා.ඒ අය ගන්න ආහාරවලට මේ බෙහෙත්වල විස කා වැදිල තියෙනවා නම් කොපමණ පිරිසක් නිකරුනේ ලෙඩ වෙනවාද. ඒ වගේම ඒ ස්ථානය වැස්සෙන් තෙමෙනවා. සමහර අපද්‍රව්‍ය බෑග් විවෘතවයි තිබුණේ.ඒවාද ජලයට මිශ්‍ර වෙලා තියෙනවා. අනවශ්‍ය දෙයක් අනවශ්‍ය තැනක ගිහිං දාලා රෝහල් අධ්‍යක්ෂවරයා මේ කළ කාර්යය අනුමත කරන්න බැහැ' යැයිද කීය.



අදහස් (0)

බදුල්ල පළාත් රෝහල් අධ්‍යක්ෂට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site