(දිලීප් ජයසේකර)
කතරගම පුජා භූමියේ දී දැලි පිහි යොදාගෙන බැතිමතුන්ගේ සාක්කු හා බෑග් කපා සල්ලි සොරකම් කළ අපරාධකරුවෙකු හා ඔහුගේ ගෝලයකු කතරගම පුජා භුමියේදී අද (14) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම නවනගරයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ ගෝලයකු වන කතරගම ගාමිණිපුර පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා කතරගම වන්දනාවේ පැමිණන බැතිමතුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට ගොස් දැලි පිහි ආධාරයෙන් බැතිමතුන්ගේ සාක්කු හා බෑග් කපා මුදල් පසුම්බි සොරාගෙන පලා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී දැලි පිහි දෙකක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1400ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කතරගම පොලීසියට බාරදී ඇත.
ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බැතිමතුන්ගෙන් මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට