IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බණ්ඩාරගම ප්‍රා.ස.නොසන්සුන් වෙයි

 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම ප්‍රාදේශීය  සභාවේ විපක්ෂ  මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) සභා වාරයට සහභාගිවීම සඳහා  විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පැමිණීමත් සමඟම සභාපති දේවේන්ද්‍ර  පෙරේරා මහතා සභාව අවසන් කර  අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සභා ගැබෙන් පිටවී ගියේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස විරෝධතා පුවරු අතැතිව පැමිණ මද වේලාවක් සභා ගර්භය තුළ විරෝධතාවය යෙදීමින් සිටියදී  විපක්ෂ නායක  දර්ශන පීරිස් මහතා සභාපති පුටුවේ අසුන්ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සමග විනාඩි කීපයක් සභාව පැවැත්වීමට පියවර ගත්හ.

විරෝධතාකරුවෝ ප්‍රාදේශීය සභාවේ තල් පිටි බද්ද උප කාර්යාලයට  පැමිණෙන මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී , විරෝධතාවක නියැලී සිටි අතර සභා වාරය ආරම්භ කිරීම සඳහා තල් පිටි  බද්ද උප කාර්යාලයට  සභාපතිවරයා සහ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු රැගත් කැබ් රථයට මෙන්ම ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන්ට පැමිණි වාහන වලට ද ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලදී .

අනතුරුව සභාපතිවරයා ප්‍රමුඛ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණි වාහන වලින් බැස  මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ හඬ නගමින් තල පිටි බද්ද උප කාර්යාලය වෙත පා ගමනින් ගොස් සභාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

අනතුරුව විරෝධතාවේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරු විනාඩි 45කට පමණ පසු සභා ගැබට විරෝධතා පුවරු රැගෙන කඩාවදින අවස්ථාවේදී සභාපතිවරයා සභාව අවසන් කරන බව දැනුම් දීමත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට පිටවී ගියහ

මෙහිදී විපක්ෂයේ  විරෝධතාවයට සහභාගී නොවී සිටි  එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරන මහේෂ් කොතලාවල,චම්පා කන්නන්ගර ,හා දයා නන්දනි ,මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒ ජේ එම් සිම්සාර් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  සභා ගැබෙන් පිටවී පිට වී ගිය අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සිටින රොෂාන් රාජිත මෙන්ම නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය  සභාවේ උප සභාපති සරත් ආර් රණසිංහ මහත්වරු  ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිට අනතුරුව සභා ගැබෙන් පිටවී ගියහ.

 

 



අදහස් (0)

බණ්ඩාරගම ප්‍රා.ස.නොසන්සුන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 390 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 443 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site