(ඩි.කේ.රත්න )
බණ්ඩාරවෙල පනංගල වැවේ දිය නෑමට ගිය තරුණයෙකු අද (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අතුරුදහන්ව ඇත්තේ බණ්ඩාරවෙල අඹේගොඩ ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා තවත් තරුණයෙකු සමඟ පනංගල වැවේ දිය නාමින් සිටියදී එක්වරම දියේ ගිලී අතුරුදන්ව ඇත.
මේ පිළිබඳව බණ්ඩාරවෙල පොලීසියට ඥාතීන් පැමිණිලි කර තිබේ. කිමිදුම්කරුවන් යොදා අතුරුදන් වූ මෙම තරුණයා සෙවීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බණ්ඩාරවෙල වැවක ගිලී තරුණයෙක් අතුරුදන්