(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරය අවට ප්‍රසිද්ධ ස්ථානවලට කැළි කසල දැමූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකුට රුපියල් 3,500 බැගින් රුපියල් 21,000ක දඩ මුදලක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (26) නියෝග කළේය.
බණ්ඩාරවෙල බිදුණුවැව, උතුරුකැඹිල්ලෙවෙල, තන්තිරිය, ස්ප්‍රීංවත්ත සහ නගර සභා නිවාස ආදී ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් හයදෙනෙකුට මෙසේ දඩ නියම විය.
බණ්ඩාරවෙල මහ නගර සභාව මහ නගර සභා බල ප්‍රදේශයේ විධිමත් ලෙස කසල එකතු කරයි. ප්‍රධාන මාර්ග හා විවිධ ස්ථානවලට කසල නොදමන ලෙස ජනතාවට දැනුවත් කර තිබියදීත් කසල බැහැර කිරීම හේතුවෙන් මෙම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ මහ නගර සභාව මගින් ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කළහ.
=================
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බණ්ඩාරවෙල අවට කසළ බැහැර කළ 6කට දඩ