(අශෝක තිලකරත්න)
මුහුදේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු බෝට්ටු දෙකක් මැද සිරවීමෙන් වූ අනතුරකින් මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචි අබේකෝන්ගේ ජනක කුමාර(35) නැමති ධීවරයෙකි.
ඔහු මුහුදේ දී එක් බෝට්ටුවක සිට අනෙක් බෝට්ටුවට මාරු වීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇතැයි කළ මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවීමෙන් පසු බෝට්ටු දෙකේ සිටි අනෙක් ධීවරයින් විසින් මේ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී ඇති අතර නාවික හමුදාවේ නිලධාරීන් විසින් මෙම ධීවරයා හම්බන්තොට රෝහල වෙත ගෙනවිත් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවත් පොලිසිය කීය.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (12) පෙරවරුවේ බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ වෙත්තසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෝට්ටු දෙකක් අතර සිර වී ධීවරයෙක් මරුට