(රංජිත් රාජපක්ෂ)
ජාතික ඒකාබද්ධතා සංහිදියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් 39 වන වතාවට පවත්වන ජංගම සේවය අමාත්‍යය මානෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් බගවන්තලාව ශාන්ත මරියා දමිළ මහ විද්‍යාලයේදී අද (14) පැවැත්විය.
වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් වෙනුවෙන් පැවැත්වූ මෙම ජංගම සේවයේදී උප්පැන්න සහතිකයට නිල පරිවර්තනය සිංහල, ඉංග්‍රිසි, දමිළ භාෂාවෙන් ලබාදිම, උප්පැන්න සහතිකයේ ඇති වැරදි හඳුනාගෙන එවා නිවරුදි කිරීම , විවහ නොවු යුවලවල් නීතියානුකූලව විවහ කිරීම , ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හා අලුත් කිරීමේ මූලික කටයුතු, ගොවිසේවාවට අදාල ගොවි ගැටළු විසදීම , විශ්‍රම වැටුප් පිලිබඳ ඇති ගැටළු , නිවාස වලට ජලය හා විදුලිය ලබා ගැනිමේදී ඇති ගැටළු ඇතුළු එම වතු කම්කරුවන්ට හා ප්‍රදේශවාසින්ට ඇති ගැටළු සම්බන්ධයෙන් මෙම ජංගම සේවයේදී විසදුම් ලබා දී තිබේ.
මෙම ජංගම සේවයට එම අමාත්‍යංශයේ නිලධාරින් , අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් , නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම එම විෂයන්වලට අදාල රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd